Wednesday, July 27, 2011

පාසල් ජිවිතයට සමුදුන්නෙමි..........

අද තමයි කරන කට්ටිය අන්තිමට පාසල් යන දවස.මොකද අපිට අද ඇඩ්මිශන් ගන්න එන්න කියල තිබුනා...වෙනාදා නොතිබුනු මොකක්ද මුසල හැගිමකුත් එක්ක කුකුළත් අතේ අරගෙන පාසල් යන්න පිටත් වුනා....වේනදා තියන කික් එක අද නෑ...වෙනදා තියන අතල් එක අද නෑ......වෙනදා ගෙට්ටුවෙන් ඇතුලට යනකොට තියන බය අද නෑ...දෙයියනේ ඇයි මේ..මට කියාගන්න බෑරි අමුතුම හැගිමකින් මම ...මොකක්ද වෙලා මොකක්ද කියල කියන්න මට කියන්න තෙරෙන්නෙ නෑ......අවුරැදු ගානක් හිටපු තැන අද දාලයන්න වේලා.....හැම දෙයක්ම ඉගෙන ගත්තු තැන අද දාලයන්න වේලා.....කෙල්ලොත් එක්ක ගත්ත ආතල්,කොල්ලොත් එක්ක කෙලපු පිස්සු.......IT room එකට වෙලා film බලපු හැටි....ලැබ් එකෙන් උස්සපු chloroform වලින් ගම්බට්ටව දොයි කරපු හැටි..( නහයට අල්ලපුවහම සිහිනැතිවෙන්නේ අන්න එවා )..මේ එකින් එක චිත්‍ර පටියක් වගේ පාසල ඇතුලට යන යන අඩියක් ගානේ මට මතක් වුනා....


කොහොම හරි මාස දෙකකට පස්සසේ කට්ටිය අයෙමත් සෙට් උනා....බොරැ,කොමඩි,කේලම් මොහොතකින් දොරෙ ගලන්න ගත්තා..වෙනදා වගෙම මමත් අහගෙන හිටියේ මෙතනින් යන්න වේන අන්තිම මොහොත ගැන හිතින් ලත්වෙමෙන්...අපේ පිනා මේ මොහොත වන විට අපේ නික්ම යමේ පත් වන් ඇඩ්මිශන් බෙදා හරිමින් තිබුනා....අමුතුම සිහින ලොකයක පාවේවි සිටි මට මගේ නමත් කියවෙනාවා සේ ලවට ඇසුනා ,වෙනදා නොතිබු අලස කමකින් අද මම මගේ අවසන් පාසල් දිනය නිමා කිරිමේ මොහොතට සාප කරමින් , එක් දවසකදි මා විසින් බිමට පෙරලා දැමු,සෑම විටම අපහට වෙවැල් කාසායෙන් නොඅඩුව සoග්‍රහකල අපගේ දයාබර ව්දුහල් පතිතුමා අතින් නික්මයාමට අවසර ලැබුනා.....වෙනාදා පාසලේ ගත කරන පැය 6 කල්ප කාලන්තරයක් බදු වුවද අද එම වෙලාව ඉක්මනටම ගේවි යන බව නොහැගුනාම නොවේ නමුත් නික්ම යාමට ප්‍රතම කිරිමර වැඩ රාජකාරි දෙක තුනක්ම ඇත.........සගවා තිබු බිත්තර එකින් එක එලියට අවේ හරි මචන් දෙමුගේම කියාගෙනමය.....සුලුමොහොතකින් එ සියලුම බිත්තර ගුවන් ගත් විය.......මගෙත් කන අයිනෙන් එකක් දෙකක් පියබා ගියේ මා හට මරණ බිය ඇති කරමිනි.සමහරැ බිත්තර කෑවොය,සමහරැ බිත්තර නෑවොය,මම නම් බිත්තර නෑවා පමණි.නමුත් සියලුම බිත්තර නිමා විමෙන් පසුව එම සිගිති ආතල් එකද කුඩුවි ගියේ මා සිතද නැවත් වරක් අමුතුම අසහනයකට ඇද දමමිනි......


මා බලපොරොත්තුව සිටි එ මොහොත පැමිණ ඇත.දැන්නම් යාමට සිදුවන බව සක් සුදක් සේ පැහැදිලිය...කුමක් නිසාදයත් අපගේ මේ සිගිති අතල් එකෙන් කුල්මත්ව සිටි දයාබර විදුහල් පතිතුමා දුම්මල වරම අතට අරගෙනය...සැනෙකින් සිනහ මුහුණු නැතිවි ගියේ අපගේ පන්තියේ සිටි සොහොයුරියන්ගේ දෑහ් අගට කදුලු බිදු එක්කරමිනි...මම ජිවිතේ පලමු වෙනි වත්වට අපේ පන්තියේ සිටි කෙල්ලන් ගැන අමුතුම හැගිමක් ඇති විය..ඔවුන් අඩන්නේ අප නිසා නොවේද අපගේ වෙන්වයාම ඔවුන්ට දරාගත නොහැකිව ඇත.එත් මක් කරන්නද අපහට යම් දිනක යාමට සිදුවෙනාවා නොඅනුමානය


ජිවිතේට අඩන කෙල්ලන් දැක කට පියාගෙන නොසිටි අප මේ මොහොතේ ගොලුවි ඇත....මාගේ සිත අමුතුම තනිකමකින් වේලි ඇත..."ඇයි දෙයියනේ පාසල් ජිවිතය අවුරැදු 14 නොකලේ"දැන් මම දෙයියන් සමග ඇර ගන්නටද යයි.....නමුත් දෙයියන් කියා මක් කොරන්නද..........යායුතු ගමන යායුතුමය.......මට අඩන්නට බැරිය මා ඇඩුවොත් මාගේ මතුරන් ඉදිරියේ මා නිවටයෙකු හො පොන්ටින් කෙනෙකු වෙනවා අනුමානය...නමුත් මා ඇඩිමට අවශය සියලුම සුදුසු කම් සපුරා සිටි මා පසුපසට වුයේ නොදැනුවත්වල ගාලා ගිය කදුලක් හොරෙන්ම පිස දමමිනි.


පාසලේ ආතල් ඉවරය,එම ජිවිතය මම මැරෙන තුරාවට අමතක නොවනු ඇත......මා කටවත් නොකියාම පාසලෙන් පිටත් වුයේ සමුදිය නොහැකි අයද එ අතර සිටි නිසාවෙනි........


සුලගේ ලෙලෙනා මල් සෙදග පා
අප පාසල් ගිය කාලයේ
යාලුවො අද නැත
වෙන අය එහි ඇත
කාලය යයි වෙනතක අරැමේ//

No comments:

Post a Comment

ලැබිම් වලට වඩා නොලැබි බොහොමයි එම නිසා comment එකක් නොලැබුනා කියා අමනාපයක් තුන් හිතකවත් නොමැත....