Showing posts with label අදහස්.. Show all posts
Showing posts with label අදහස්.. Show all posts

Wednesday, August 10, 2011

ආදරය නම් සුන්දරය.........

ආදරය නම් සුන්දරය.........
එ සුන්දරවු අදරය........
සෑම විටම විරහවක් වේද..

ඇය ලස්සනයි
මම මගේ ජිවිත කාලයටම දැකපු ලස්සනම කෙල්ල..
එක මොතක මට හිතුනා.........
එ ඇස් දෙක වෙනුවෙන් මගේ ජිවිතය වුනත් පුදන්න ...
මම ආදරය කලා
ඇත්තටම මම ආදරය කලා....
මෙතුවක් කාලයකට ඇති නොවුනු හැකිමකින් මාව කුල්මත් වෙලා....
එත්.....එ ආදරය මට මාව නැති කලා
මම හිනයක් දැක්කා
ලස්සන සුරන්ගනාවියක් මාව සනසන හැටි

මම සතුටු වුනා..
ඇත්තටම මම එ මොහොතේ ජිවිත කාලයටම වඩා  මම ජිවත් වුනා
එත් එ හිනය බොද වෙලා හුගක් කල්...
දැනුත් මම ජිවත් වෙනවා
මියගිය හදවතක් එක්ක........

වටහා  ගන්න බෑ....
අනේ දෙවියනි කියන්න මට...
මෙය මගේ උරැමයද කරැමයද..............

බ්ලොග් අවකාශයේ අලුත් බ්ලොග් කරැවන් තනිවි ඇත් ද ?

බ්ලොග් අවකාශයේ අලුත් බ්ලොග් කරැවන් තනිවි ඇති බව මට හැගෙන්නේ මමත් නවක බ්ලොග් කරැවෙකු නිසා දැයි මට නොවැටහේ..මක් නිසාද යත් ඔවුන් හට යතුරැ පුවරැවවත් හරියට හුරුපුරැදු නැතුවා නිසැකය......පොඩි කාලේ අපි කරන්නා වු වැඩකට ලොකු අය මොකක් හො යමක් කියනවට අපි හරිම කැමතිය..අපි තවම බ්ලොග් අවකාශයට අත දරැවන්ය අපගේ හරි වැරදි පෙන් විම පැරණි බ්ලොග් ලියන අපේම සහොදර සහොදරියන්ට වදයක් දොයි මට හැගේ...

"අපි දැන් බ්ලොග් ලියනවා" අපි හරිම උජාරැවට හැම තැනම අපේ යාලුවන් සමඟ කියවන්නේය එත් බ්ලොග් අවකාශයේ අපේ තත්වය ඔවුන් දැනගත් කල අපිට යන්න වෙන්නේ ඇදුම් නැතිවය.....අපේ ලිපි පැසසුම් ලබන්නට නුසුදුසු වන්නට පුලුවන....එත් අනේ අපිට බැනල හරි යනව නම් අපි හරිම කැමතිය....ඇත්තටම මම නම් මෙතනින් ගොඩක් දේවල් ඉගෙන ගත්තාය ගොඩක් යාලුවන්ව අදුන ගත්තා එත් මට දැන් හිතෙනේ මේ ලියන එක නවත්තලා එ ඉගෙන ගන්න වැඩේ දිගටම කලා නම් හොදයි කියාය

Monday, August 1, 2011

මේක පුoචි ආදර කතාවක්.....

 

ගෑණු ළමයා :- මම ලස්සනද ?
පිරිමි ළමයා :- නැහැ
ගෑණු ළමයා :- ඔයා හැම දාටම මාත් එක්ක ඉන්න ඕනද ?
පිරිමි ළමයා :- නැහැ
ගෑණු ළමයා :- මම ඔයාගේ වෙන් වුනොත් ඔයා අඬනවද ?
පිරිමි ළමයා :- නැහැ
 

මේක අහපු ගෑණු ළමයට ගොඩක් දුක හිතුන...එයා අඩන්න අරගෙන හැරිල දුවන්න හැදුවා....එතකොට ගෑණු ළමයා ගේ අතින් අල්ලගත්තු පිරිමි ළමයා මේහෙම කියනවා............
 

ඔයා ලස්සන නෑ ඔයා දේවගනක්.......
මට ඔයා එක්ක හැමදාටම් ඉන්න ඕන නෑ..මට ඔයාව සසර පුරාවටම ඕන
ඔයා මගෙන් වෙන් වුනොත් මම අඩන්නේ නෑ මම මැරෙනවා
 

කරැණාකරලා මත් එක්ක සසර පුරාවටම දෙවගනක් වෙලා ලගින්ම ඉන්න මොකද මම ඔයාට ආදරෙයි.............

Wednesday, July 27, 2011

අහිමි ආදරය

මා කවියෙකු නොවේ
නමුත් පවසන්නම් මා අහිමි ආදරය .........
දුකින් හඩනා පෙම්වතෙකු සේ..
දෙව්දුවකි ඔබ සුරගනකි ඔබ
සසදන්නට කිසිත් නෑ ලොවේ.
අදුරේ සිටි මා හට එලියක්වු ඔබ
සදා අදුරට ඇයි ගියේ...........
අධමයෙකි මා පාපියෙකි මා
ඔබට මා පෙම් නොකරැවේ
අඩන්නම් මා සොහොන ලග හිද
දුකින් පෙලෙනා පෙම්වතෙකු සේ
ජිවත්වි පලක් කුමටද ඔබත් නොමැතිව දැන් මෙසේ
දකින්නට ඔබ එක්වරක්
මිය ගියත් කම් නෑ ප්‍රියේ.......

අවාසනාවට ඇත්ත කතා..හැකිනම් බැලිය යුතුමයි...

කරන ලකට පවු මිහිරිය මී සේ,ගෙවන කලට ප්වු දැඩි වේයි ගිණිසේ....මිනිසුන් මිය යන්නේ කරන කියන්දේ අනුවද ? ඔවුන් ගිය ආත්මයේ කරපු පවු වලට අනුවද ? එසෙනම් බලන්න මොවුන් කොතරම් පවු කරන්න ඇද්ද,ඔවුන් නිකමටවත් හිතන්න ඇද්ද මේ යන ගමන යන්නෙ අයේමත් නොයෙන ගමනක් බව..ඔවුන් උදෑසන අවදිවි දවස ගෙවන හැටි හිතන්න ඇති..සමහරෙක් තමන් මත ඇති වගකිම් ඉටු කරන අකාරය ගැන,තමන් යන ගමන ගැන හිත් යටින් කොතරම් සතුටු වෙන්න ඇද්ද නමුත්..............



මේ ජිවිතයේ අරැමය කිම..අද මොනදෙ කරත් හෙට අපිට කුමක් සිදුවේද ලියා නොදනිමු........එම නිසා ඔබගේ අදහස් comment එකකින් ලියන්න.....බලා දුක් වන්නට නොව බලා විමසන්නට..........

අවාසනාවන්තයින් අතර වාසනාවන්තයින්.........

Sunday, July 24, 2011

ලෝක විනාශය පැය 48 කින්.


ලෝකයේ දියුනුවත් සමඟ ම,"තාක්ෂණය"යන වචනය මිනිසුන්ගේ ජිවිත්වලට නැතුවම බැරි අගයක් වී ඇත.මේහි වඩාතිම අසිරිමත් සොයාගැනිම වන්නේ රොබොවරැන්ය.එක් එක් මිනිසාගේ අවශය තාවයට අනුකූලව නොයේකුත් වර්ගයේ රොබොවරැන් ලෝකයේ නිෂ්පාදනය කෙරේ.මෙහිදි ඇමරිකව,ජපානය,චීනය සහ රැසියාව යන රරවල් පෙරමුන ගනී.ගත වුන වර්ෂ කිපය තුල රොබොවරැන්ගේ විශාල පරිණාමනයක් සිදුවී ඇත.මෙහිදී නැනො තාක්ෂණය (nano technology) වාඩාත් කැපී පෙනෙයි....


සරල වශයෙන් නැනො තාක්ශණය යනු පරමාණු සහ අණුක මගින් නිර්මාණය වු පදාර්ථය (Matter) පාලනය කිරිමකි.තව ද නැනො තාක්ශණය, ද්‍රවයක් හෝ උපකරණයක් ප්‍රමානයෙන් කුඩා කිරිමක් ලෙසද හැදිවිය හැක.මේහි ප්‍රතිඵලයක් වශයෙන් මිනිස් පියවි ඇසට නොපෙනෙන කුඩා රොබො වරුන් (Nano bots) බිහිවී ඇත.මෙය කොතරම් බලවත්ද යන්න මේවන් රොබොවරැන් පිරිසකට පැය 48 වැනි කාලයක් තුලදී මුලු ලොකයම කා දමා විනාශකර දැමිය හැක.මේවන් විනාශයක් කිරිමට හැකියාවෙන් යුක්තවන නිසා මෙසද හා බලවත් තාක්ශණය අරිබුදය ග්‍රේ ගූ (Gray goo) යන විද්යාත්මක නාමයෙන් හැදින් වේ.

ග්‍රේ ගූ (Gray goo) යන නාමයෙහි අදහස වන්නේ මන:කල්පිත ලොක විනාශයක් ලෙස හැදින් වියහැක.මෙහි සූක්ෂම නැනො තාක්ශණය අන්තර් ගත්වන අතර හික්මවිමට නො හැකිවු සහ පුතිගුණක සoකේතයන් නොමැතිව ස්වයo ප්‍රතිගුණක රොබොවරැන්ට පෘථවියයේ ඇති සියලුම දෑ විනාශ කර, තම වර්ගයා නිර්මාණය කිරිමේ හැකියාව ඇත.මෙම තත්වය "ඉකෝෆැගි" ( පරිසරය විනාශ කිරිම ) යනුවෙන් නම්කර ඇත.මෙම තත්වය පාදක කොට ගෙන වර්තමානයේ චිත්‍රපට පාවා නිර්මාණය කර ඇත..උදාහටණයක් ලෙස G.I Joe නම් කර හැක...

 

දැන්නම් පොස්ට් එක දිග වැඩිවගේ නිසා ඉතිරි ටික වෙන දවසක වෙන පොස්ට් එකකින් දමන්නම්....
හොදනම් comment එකක් දාන්න අමතක කරන්න එපා නැත්තම් ලියන්නත් එපා වෙනවා...පුලුවන්නම් follower කෙනෙකුත් වෙලාම යන්න මම තවල ලියන්න අරගෙන මහ දවසකුත් නෙමෙයි, A/L තියගෙන මේක ලියන්න ගත්තේ එ නිසා පොඩි උදවුවක් කරන්න...