Showing posts with label මගේ අදර කතා.. Show all posts
Showing posts with label මගේ අදර කතා.. Show all posts

Tuesday, August 23, 2011

මැරාගේ first ලවු එක ඉලවු උන හැටි.........2 ( පෑලෑන)

ඉස්සල්ලා පොස්ට් එකෙන් කිවුවේ අපේ අජා ගිහින් වැඩේ දෙල් කරගන්න ගිය විදිහනේ අද එතන ඉදන්....

…කොහොම හරි අපි කට්ටියටම වැටහුනා තවත් එක වචනයක් හරි මුගේ කටින් පැන්නොත් ලවු එකට බඩුම තමා කියලා..ඔන්න එතකොටම අපේ ඔය වගේ අවස්තාවල ඉක්මන් ක්‍රියාකාරි සමාජිකයෙකුවන  මියා.......

අඩො කචා උබ කොහෙද බන් හිටියේ මම උබව හැම තැනම හොයනවා......මොන මගුලක්ද උබ මෙතන කරන්නේ වරෙන් යන්න.....
…එ පොඩ්ඩක් හිටපන් බන් මේ අපේ නිල්..ලි බු..බූ..අඩො කට අත ඇරපන් බන්......මොකදද උ ..ම..බු...



අම්මො දැන තමයි ඇගට ලේ ටිකක ඉනුවේ.මියා ක්ච්චාවත් ඇදගෙන අන්තරස් දහන වුනා..කෙල්ලො ටික අන්ද බුත වෙලා මේ මොකද්ද වුනේ කියලා.ඇයි බොලේ අපි ඉස්සරහ ඔහොම දෙයක් වුනොත් ඉතින් අපිත් හොල්මන් වෙනවනේ...බල්ලගේ වැඩේ බුරැවා කරන්න ගිය නිසා  ආදරය  ප්‍රකාෂ කිරිම තවත් දවසකට කල් ගියා.….......


කාලය ගෙවිගියේ මම තවත් නිලුට ඇද බැද තබමින් මුලින්ම කතා කරන්න බැරිව හිටපු මම දැන් නිලුත් එක්ක කතා කරන මට්ටමට ෆිට් එකක ගොඩ නගාගෙන තිබුනා......දැන් කට්ටිය බලනවා නෙද එ කොහොමද කියලා එක මගේ මේ ටිකිරි මොලේට ආපු මාස්ටර් පැලෑන් එකක්...මම අර කලින් පොස්ට් එකක කියලා තිබුනා .......සමාවෙන්න අපේ මාලුවාගේ පොස්ට් එකක කමෙන් එකක් දැම්මා ඉස්කොලේ I.T යුනිට් එක ගැන..මම තමයි ඉතින් එතන බොස් මගේ අණට පිටින් යන්න පුලුවන් එකෙක් උසස් පෙළ පoතිවල හිටියෙත් නෑ..මොකද උන්ගේ වැඩ කරල දෙන්නේත් මම නිසා...අනේ මගේ අහිoසක කෙල්ලත් I.T කරන්න ගත්තෙත් මටම ලැබෙන්න තියන පිනටද කොහෙද කියල එ දවස්වල හිතුවට මැහුම තිස් දෙකකින් නවත්වන්න වෙයි කියලා ජිවිතෙට හිතුවෙ නෑ....... 

කොහොම හරි මෙන්න මේකයි ප්ලැන...........

එ දවස් අපිට තියන වෙලාවටම තමයි නිලුලටත් තියෙන්නේ අපිට තියරි කරන කොට එ කාට්ටියට පැක්ටිකල්.......ඔය විදිහට තමයි කට්ටිය සතියෙන් සතිය මා‍රැ වුනේ........අපිට උගන්නන මිස්ලා දෙන්නෙක් හිටියා එ දෙන්න තමයි...ඔය වැඩ දෙකම කරගෙන යන්නේ එක්කෙනෙක් තියරි අනිත් එක්කෙනා පැක්ටිකල්.......දවසක් දා අපේ තියරි උගන්නන මිස් නිවඩුවක්  දාලද කොහෙද ඉස්කොලේ ඇවිල්ලා නෑ.......කොහොම හරි උදේ පිරියඩ් එකේ තමයි තියෙන්නේ..........

ආ මිස් කෙසෙ හො ( ඔහොම තමයි අපි මිස්ලට ටොක් කරන්නේ )
මොකක්ද ළමයො එ කියුවේ...........?
නැ මිස් කොහොමද කියලා ඇහුවේ
ආ තමුසෙලා දැන් හින්දිත් දන්නවද ?
අයියො නැ මිස් දන්නේ නැද්ද මේ ඉතින්.........
දන්නවා දන්නවා......තමුසෙලා අද පoතියට යනවා අද මිස් නැ
අම්මට සිරි එල එල
මොකාට සිරි........
ආ.....නෑ......හරි හරි අපි යන්නම්........


ඊලග පොස්ට් එකෙන් පෑලෑන මතක් වුනු හැටි........  

 … 

Sunday, August 21, 2011

මැරාගේ first ලවු එක ඉලවු උන හැටි.........


ආදරය හරිම සුන්දරයි එ වගෙම බිය ක‍රැයි..මේක මට වුනු ගොඩක් සිදුවිම් අතරෙන් එකක් විතරයි....එ දවස් වල අපේ කොල්ලො ටික කෙල්ලො කියන්නේ හරිම වාතයක් කියලා තමයි හිතාගෙන හිටියේ.........ගොඩක් වෙලවට අපි සෙට් එක එකට හිටියේ මොකද පි ඩයල් අපේ සෙට් එකට හරි ගියේ නැති නිසා මගේ බැජියේ සෙට් එක අයේ එලකිරි තමයි...කචා,මියා,සුදු,පොලා,ඔ‍ටුවා.අජා වගේ කොල්ලො ගොඩක් මම වටේ හිටියා..ඔය කට්ටිය තමයි මගේ බොක්ක......අපි තමයි අපේ පන්ති සෙට් එකේ එ කියන්නේ පන්ති හතරක රනර්ලා...කොටින්ම මිස්ල සර්ලටත් ගොඩක්ම සර්ලට "උබල මොකද කරන්නේ" කියල ඇහුවොත් "ඇයි උබට මොකද ඩො" කියල අහන්න පුලුවන් සයිස් එකේ අයියල මාත් එකක හිටියා.කවු‍රැ හරි විහිලුවට හරි මොකක් හරි කරොත් පැන්සල් පරක් හරි අනින්න තමයි පුරුදුවෙලා හිටියේ මම අනන්තවත් කොල්ලන්ට පැන්සල් පැන් වලින් ඇනල ඇති ලේ එන්න අපි කාටවත් සර්ලෙන්ඩර්නැ වුනේ නැ.......ඒ කලය හරිම සුන්දරයි අනන්ත් ගුටි කාල ඇති ගහගෙන ඇති එ මොරාල් කලේ උනු ඇත්ත සින් එකක්.මට ගමේ මැරා කියන්න ගත්තෙත් ඔය සින් එක නිසා..............


මම පාසල් ගියේ ***** මධය මහා විද්යාලයට දන්නවනේ කෙල්ලො ගොඩයි........හරිම ආසයි එත් තත්වෙට හරි නැති නිසා බොහොම අමාරුවෙන් හිත හදාගෙන හිටියා ඔය ඔක්කොම ලොකුකම් එක කෙල්ලෙක් නිසා වතුරට දපු කොලයක් වගේ දියවෙලා ගියා..එ කෙල්ල හත වසරට අලුතෙන් අපු කෙල්ලෙක් අපි එයාට "නිලු" කියමු..හරිම විසෙකාර දගකාර කෙල්ලෙක් ඇස් දෙක නිකන්...නිකන්..අර අර........අනේ මන්ද කියන්න බැ මාර ලස්සන්යි.......එ පැද්දිල ගැස්සිල දකිනකොට මගේ බොඩියම ගැස්සෙන්න ගත්තා.......හරියට මි මැස් මොරෙ හැදිලා වගේ....
කොහොම හරි මැරාගේ  මේ වෙනස අපේ උන්දට වටහා හන්න මහ කාලයක් ගියෙ නැ.....මම හිතුවේ උන් ටික දැන ගත්තාහම මැරා ඉස්කොලේ වසල ඉවරයි කියලා...එත් මැරාගේ පිනටද කොහෙද කිසිම අවුලක් නැතුව මෙන්න බොලේ මුන් ටික එකිට මැරාගේ නම කියල විහිලු කරනවා.හරිම සොක් අදහගන්නත් බැ......එත් කොස්ස කට තිබුනේ මම එ දවස් වල මැරා ඔය ස්බ්ජෙට් එකේ එච්චර හොද පේයර් කෙනෙක් නෙමේයි පළමු පෙම නිසා කිසිම අදහසක් එන්නෙත් නෑ..ඔක්කොටම වඩා හරිම අහිoසක කොල්ල නොවැ මැරා...........
කොහොම හරි යාලය ගෙවිලා ගියා මැයි මසේ කියන්නේ අපි හැමොටම සතුටු මාසයක්නේ මොකද ස්පොට් මිට් එක නිසා කොල්ලො බල්ලො වෙල ඉස්කොලේ හැම තැනම ඉබාගතෙ යනවා..පිට්ටනියෙත් එකම කෙලියයි දුවනවා,උස පනිනවා අපිත් ඉතින් බලගෙන ඉන්නවා මැර කම් කොරාට දුවන්න පුලුවන්යැ හැබැයි ඉතින් මොකක්හරි අවුලක් ගිය වෙලාවට හුසෙන් ලොක්ක අනිවා අපිට පාරදයි... කොහොම හරි දැන් මැරාට ඉවසගෙන ඉන්න බැරිම තැන ගිහින් අහන්න කියල හැදුවට නිකන් බැ බැ වගේ,,,ඔනම ගනන් කාරයෙක් ඇබරෙන මොහොතක් තමයි ඔය උදාවෙල තියෙන්නේ......කකුල් දෙකත් මොකක්ද වෙලා......ඉතින් මමත් හැම කොල්ලම කරනව වගේ අධාර පැතුව......හැබැයි ඉතින් කොච්චර කියෙවුවත් නම් කියල විහිලු කරත් එකෙක්වත් ෆේස් කරන්න යන්න කෑමති නැ දැන් මොකද කරන්නේ.....


මම = අඩො කචා මට බැ බන් එකි ලගට යන්න....උබ ගිහින අහපන්කො බන්
කචා = අනේ මේ හු*තො තො ගිහින් අහපන්...මම ගිහින් ඇහුවට හරියනවද බොල යම ඔනනම් මම ලගට එන්නම්.....
මම = අනේ එහෙම කරන්න එපා බන්.....
කචා = මට බැ බන් කියන එක අහපන්කො අර අනිත් උන් ඉන්නේ උන්ට කියපන්.......
මම = හා කමක් නැ අද ගෙදර ගිහින් ‍රැ 350 රයිස් එකක් කනවා.........හිත් හැදෙන්න...
කචා = අඩො උබ ගාව 350 තියනවද ?


මුන් කොච්චරවත් හිටියට පගව ගන්නකොට පොලොසිය හොදයි


මම = ඔවු ඇයි
කචා = කලින් කියන්න එපැ යකො හිටපන් හිටපන් මම අහන්නම් හැමැයි පුතො රයිස් නම් එපා අරවා බාගයක් නම් එල ?
මම = ගල්ද ?
කචා = නැ පොල්....වේ* බල්ලො ගල් නැතුව කසිප්පු ගහන්නද ගල්ද කියල අහන්නේ මොඩයා....
මම = හරි හරි දෙන්නම්...


දෙන්නම් කියපු ගමන් මෙන්න යකො කොච්චරවත් බැ බැ කියපු එකා වේඩිල්ල වගේ කෙල්ලො හිටපු තැනට ගියා....දැන් ඔන්න මැරා එකසිය ගානට වෙවුල වෙවුල ඉන්නවා මු මොන ජල්තරයක් කර ගනිද කියලා...........කතා කරන දේවල් ඇහෙන නැති නිසා ඇහෙන මනෙට අනිත් උනුත් එක්ක කිට්‍ටු කරා..........


කචා = ආ.........නoගිලා ......


අපොයි විනාසයි මු නිකන් මොකක්ද කියනවා වගේ එක කියපු කැත් විතරක්....චික්
මුසලයා කැව වැඩේ......දැන් අනිත් එවුන්ටත් අප්සට්...දැන් මොනවා වෙවිද ?
ඊලග පොස්ට් එකන් බලමු නෙද ?