Wednesday, August 10, 2011

බ්ලොග් අවකාශයේ අලුත් බ්ලොග් කරැවන් තනිවි ඇත් ද ?

බ්ලොග් අවකාශයේ අලුත් බ්ලොග් කරැවන් තනිවි ඇති බව මට හැගෙන්නේ මමත් නවක බ්ලොග් කරැවෙකු නිසා දැයි මට නොවැටහේ..මක් නිසාද යත් ඔවුන් හට යතුරැ පුවරැවවත් හරියට හුරුපුරැදු නැතුවා නිසැකය......පොඩි කාලේ අපි කරන්නා වු වැඩකට ලොකු අය මොකක් හො යමක් කියනවට අපි හරිම කැමතිය..අපි තවම බ්ලොග් අවකාශයට අත දරැවන්ය අපගේ හරි වැරදි පෙන් විම පැරණි බ්ලොග් ලියන අපේම සහොදර සහොදරියන්ට වදයක් දොයි මට හැගේ...

"අපි දැන් බ්ලොග් ලියනවා" අපි හරිම උජාරැවට හැම තැනම අපේ යාලුවන් සමඟ කියවන්නේය එත් බ්ලොග් අවකාශයේ අපේ තත්වය ඔවුන් දැනගත් කල අපිට යන්න වෙන්නේ ඇදුම් නැතිවය.....අපේ ලිපි පැසසුම් ලබන්නට නුසුදුසු වන්නට පුලුවන....එත් අනේ අපිට බැනල හරි යනව නම් අපි හරිම කැමතිය....ඇත්තටම මම නම් මෙතනින් ගොඩක් දේවල් ඉගෙන ගත්තාය ගොඩක් යාලුවන්ව අදුන ගත්තා එත් මට දැන් හිතෙනේ මේ ලියන එක නවත්තලා එ ඉගෙන ගන්න වැඩේ දිගටම කලා නම් හොදයි කියාය

14 comments:

හිස් අහස said...

උඹ විභාගේ ඉවර කරං වරෙං එතකොට මම එන්නම් මේ බ්ලොගේ බලලා මෙහේ පැලපැදියං වෙන්න .

කවුද බං කියන්නේ තොපි තනි වෙලා කියලා .? අපිත් මුලින් ලියාපු දවස් වල ඕම තමයි .

මගේ පලවෙනි ලිපිය ලියලා දචස් දෙකක් යනකං මොකෙක්වත් ආවේ නෑ . තුන් වෙනි එකෙන් තමා යන්තම් කමෙන්ට් හතරක් ඇදගත්තේ ..

මලේ දැන් ගිහිං පාඩම් කරපන් ..

අනික තමයි මේ වර්ඩ් වෙරිෆිකේශන් අයින් කරපන් කමෙන්ට් කරන්න අමාරුයි ඒවා එක්ක .

හිස් අහස said...

ආ මේ .. බ්ලොග් ලියනවා කියලා යාලුවෙකුට කියලා මමනම් ඔන්න හොඳ හොඳ පාඩම් ඉගනගත්තා ..

hare :-) said...

හැමෝම ලියන්නෙ ගොඩක් විට එකම දේවල් ටිකක් නිසා වෙනස් විධියකට, කියවන අයට දිගටම රැ‍ඳෙන්න හිතෙන විධියකට ලිව්වෙ නැත්තං වැඩක් නිති වෙයි. මොනව වුණත් මලයා විභාග තියෙනවනම් ඒව කරල ඉන්න මුලින්. බ්ලොග් ලියන්න ඕන තරම් කල් තියෙනවනේ.. :D

දේව් ගේ අඩවිය said...

ඒ මැරා,.... මොනවද බන් මේ කියන්නේ.... අපිනම් මෙහේ පංදිචි වෙලානේ ඉන්නේ.... විබාගේ ඉවර කරගෙනම ඇවිත් ලියන්නකෝ..... කමෙන්ට් ෆලෝ එක පාරම එනවට වඩා දුකක් විදලා ගන්නකොට කොයි තරම් සතුටක් දැනෙනවද කියලා දවසක ඔයාටත් තේරේයි...

ප.ලි : මේක අත් දැකිමක්. පුලුවන් තරම් අනිත් අයගේ බ්ලොග් කියවන්න. කමෙන්ට් කරන්න
වෙනස අත් විදින්න

චතුර.... said...

ඕන් බොලා තනියෙන් කියපු හන්දා අපිත් ආවා.. හැබැයි මමත් ඉතින් නවක ගනේම තමා.."මෙතනින් ගොඩක් දේවල් ඉගෙන ගත්තාය ගොඩක් යාලුවන්ව අදුන ගත්තා එත් මට දැන් හිතෙනේ මේ ලියන එක නවත්තලා එ ඉගෙන ගන්න වැඩේ දිගටම කලා නම් හොදයි කියාය" මේකේ තේරුමමොකක්ද..? මම නම් ලියන එක කරන්නේ විනෝදාංශයක් විදියට දුකක් ආවම දුකක්පිට කර ගන්න වගේ දේවල් වලට. ඉගෙන ගන්න එක දවසම කරනවනේ , ලෙක්චර්'ස් යනව ගෙදර ඇවිත් පාඩම් කරනවා ඒත් අපි ඉගෙන ගන්න එක අත් ඇරලා මේ දේ කරන්නේ නැහැනේ , මේ දේට පොඩි වෙලාවක් වෙන් කළාම ඇති. මේකේ ලිව්වම කවුරු හරි ඒ දේවල් ගැන අදහසක් කිව්වම ඒ දේවල් ගැන සතුටුයි, නමුත් මට හිතෙන විදියටනම් කමෙන්ට් බලාගෙන ලියන්න යන්න එපා, එතකොට තමන්ගේ ඇතුලේ ඉන්න සැබෑ නිර්මාණකරුවා මැරෙනවා. තමන්ට හිතෙන දෙයක් ඒ ආකාඅරයෙන්ම ලියන්න කමෙන්ටු බලාපොරොත්තු වෙන් වැඩියෙන් කියවන්න කැමති මාතෘකාත් තියෙනව නම් ලියන්න නමුත් ඒවටම වහල් වෙන්න එපා කියන එක තමයි මගේ මතය නම්.

මැරා... said...

බොහොම ස්තුති කට්ටියටම..................................................

@ සඳරැ අර කියපු එක කොහොමද කරන්නේ......

Dushan Puhulwellage said...

මමත් ටිකක් අලුත් තමා.එත් වැඩිය ප්‍රතිචාර ගැන සැලකිලිමත් වෙන්න එපා. ඔයාට පුළුවන් තරමින් වෙනස් අලුත් බ්ලොග් පොස්ට් දාන්න. එතකොට ඔයාගේ බ්ලොග් එකටත් හොඳ ප්‍රතිචාර ලැබෙයි.

රාජ් said...

ඕවා ඔහොම තමයි.බලපන් මගේ බ්ලොග් එක ලියලා මාසයක් විතර ගියා කොමෙන්ටුවක් එන්න.දිගටම ලියපන්.ජය!

මැරා... said...

thxxx...bros..

Ishan sankalpa said...

මටත් තියෙන්නේ ඔය කෙස් එකමයි මැරා

BLOG ගඩොල් said...

අද තමයි මේ පැත්තෙ ආවෙ. කොමෙන්ට් අඩුයි කියලා අධෛර්යමත් වෙන්න එපා සහෝ! කිසිම බ්ලොග්කරුවෙක් දවසෙන් දෙකෙන් ජනප්‍රිය වුණේ නෑ. ඉවසන් ඉන්න. මහන්සි වෙලා හොඳ ලිපි ලියන්න. ලේසියට වැඩක් නැති ලිපි ලියන්න එපා. එතකොට අනිවාර්යයෙන්ම ඔයත් හොඳ බ්ලොග්කරුවෙක් වෙයි

෴ වේලාව ලගයි ෴ said...

ඔවා මොනවා ද මැරා මම වගේ ජෝලියේ ඉන්නකෝ මාත් රාජ් , ආදරය දුකක්, ම් හරක් පිඩ්යා , චතුර ,මැරා එ කියන්නේ ඔබ තවමත් මෙතනට ආධුනිකයෝ ඉතින් අපි හැමෝටම ගොඩක් දුර යන්න තියනවා කවදාහරි දවසක අපිටත් ලොකු බොලොග්කරුවෝ වෙන්න පුලුවන් පුලුවන් වෙලාවකදි ලියන්න ........මම එහෙනම් මැරාට සුබ පතනවා ....

මැරා... said...

එල එල...දැන්නම් අධිෂ්ඨානයෙන් අරමුණ කරා..thxx

Anonymous said...

ගණන් ගන්න එපා මලේ. මමත් පාඩු පිට බ්ලොග් තුනක් ම රන් කරනවා. ඉස්සරහට හරි යයි.

Post a Comment

ලැබිම් වලට වඩා නොලැබි බොහොමයි එම නිසා comment එකක් නොලැබුනා කියා අමනාපයක් තුන් හිතකවත් නොමැත....