විභාගයට තවදවස් 06 යි.දැන් දැන් මගේ හිතට මහා බරක් දැනෙන්න පටන් අරගෙන එක කවදාවත් නොහැගුනු අමුතුම සිතුවිල්ලක්...විභාගයෙන් පස්සේ මොකද්ද කරන්නේ, මම හිතන්නේ නෑ මට කැම්පස් යන්න පුලුවන් කියල මොකද මම මහා බුද්ධිමතෙක් නොවන නිසා....මම සමහර විට පාස් වෙයි සමහර විට ෆේල් වෙයි එත් මට එක නෙවෙයි තියන ප්රශ්ණය මම ඊට පස්සේ කරන්නේ මොකක්ද ? මට රස්සාවක් කරන්න පුලුවන් වෙයිද ? රස්සාව කියන වචනයත් මට මහ අමුත්තක් ඇතිකරන දෙයක් මීට කලින් මම කිසිම රස්සාවක් කරලනෑ,මට හිතාගන්න බෑ මම කරන්න ඔන දෙය මොකක්ද කියලා,මොකද දැන් මට හිතෙනවා මම හැමදාටම පොඩි දරැවෙක් වෙලා හිටියානම් හොදයි කියලා.....
මට ඉස්සරහට ඉටුකරන්න ගොඩක් වගකිම් තියන බව දැන් මට නිකමට වගේ හිතෙනවා.මොකද හැම දාම ගෙදරින් කන්න බෑ ...තව ටික කාලෙකින් ගෙදරට කන්න හොයාගෙන එන්න වෙන්නේ මට මොකද මම තමයි පවුලේ එකම වැඩිමල් පිරිමි ළමයා...මේ ඔක්කොම දෙවල් ඩබල් වෙනවා නoගි ගැන හිතනකොට එයත් දැන් ටික ටික දැනුම් තේරැම් තියන වයසට එනවා..මේ ඔක්කොම මාව අවුල් කරනවා.....මට දැන් හිතෙනවා මම කොල්ලෙක් නොවේ කෙල්ලෙක් වුනානම් හොදයි කියලා මොකද මාව බදින එකා මට කන්න ගෙනත් දෙනවා අඩුපාඩු බලනවා එත් දැන් මොකද මේ වෙලා තියන ගිණි විජ්ජුම්බරය ,සේරම ප්රශ්ණ මාව කනවා හිතා ගන්න බෑ මොකද කරන්නේ කියලා.
බැරි වෙලාවත් මම පෙල් වුනොත් හැම දෙනෙක්ගෙම රැවුම් ගෙරවු මැද පැදුරටත් නොකියා යන්න තමයි වෙන්නෙ...එහෙම උනොත් කිසිම දෙයක් ඉතිරි වෙන්නෙ නෑ මට මාව ඇරෙන්න..පොඩි කාලේ අපි කොච්චර හින මවනවද ..මම කවද හරි ඉන්ජිනේරැවෙක් වෙනවා ...මම කවද හරි දොස්තර කෙනක් වෙනවා....පුහ් රෙද්ද තමයි මට එහෙම කියන පොඩි උන්ට ටොක්කක් අනින හිතෙනව...මොකද කවුද දන්නේ දොස්තර කෙනේක් තියා කොන්දොස්තර කෙනෙක් වත් වෙන්න පුලුවන් වේවිද කියලා.....මොකද හින අපිව ජිවත් කරනවා..එවගෙම හිනයකට පුලුවන් අපිව පිස්සු වට්ටන්න....මොකද මට දැන් හිතෙනවා මගේ සෙරම හින කුඩුවෙලා යයිද කියලා....
මට ජිවිතය ගැන මාර බයක් දැනෙනවා..මම හැම පැත්තෙන්ම හිරවෙලා කියලා හැගෙනවා..ඉස්සරහට මොකක් වෙයිද කියලා හිතෙනවා......මොකද කව්දාවත් මම සැබෑ ජිවිතයට මුහුණ නොදිපු නිසා මට හැම දාම වෙලාවට කන්න ලැබුනා බොන්න අදින්න මේ සේරම මගේ දෙපා ලග තිබුනා නමුත් මම කවදාවත් කල්පනා කරේ නෑ මේවා මට ලැබුන හැටි..මොකද අඩුවක් පාඩුවක් නොවුනු නිසා එත් එ ගැන කල්පනා කරන්න දැන් කාලය ඇවිත්..ඉස්සර වගේ පිස්සු කෙලින්න බැරි වේයි,පස්ස පැත්තට ඉර එලිය වැටෙනකම් නිදාගන්න බැරිවෙයි...එත් කමක් නෑ කොහොම හරි ජිවිතයට මුහුන දෙන්න ඉගෙන ගන්නවා..ගෙදරටත් මේ මහා පොලොවටත් බරක් නොවි ජිවත් වෙන්න දැන් ඉදන් හිතා ගන්නවා..මේ ගැන මට කාත් එක්කවත් කතාකරන්න බැරිනිසා ඔන්න ලියලා දැම්මා..මෙතන ඉන්න අය ගොඩක් අයියල අක්කලා...ජිවිතය ගැන ගොඩක් දෙවල් දන්න කියන අය ඔය කට්ටියගේ අදහස් මට ගොඩක් වටිනවා.............
4 comments:
මල්ලි, උඹ විභාගෙ අන්තිම මොහොත වෙනකම් අත අරින්න එපා. අන්තිම පේපර් එක ඉවර වෙනකම්ම ගේම දීපන්. උඹට ජයගන්න පුළුවන්..! විභාගෙන් පස්සෙ අනාගතය ගැන හිතපන්..උඹට නිසිමඟ කියා දෙන්න ඕන තරම් කට්ටිය මේ බ්ලොග් අවකාශයේ ඉන්නවා. ජය වේවා
මටත් ඔය ට්ක දැන්ම හිතෙන්න පටන් අරගෙන තියන්නෙ.මම විභාගේ ලියන්නේ ලබන අවුරුද්දේ.
විසිතුරු කියනවා වගේ ඔයා දැන්ම ගේම අතහරින්න එපා.ඒක ඔයාගෙ දුර්වල කමක්."එන දේකට මූණ දෙනවා රජෙක් වගේ"අන්න එහෙමයි ඉන්න ඔනි..
ඕව ඔහොම තමා මචො.. කවදහරි ඇත්තට මූනදෙන්න වෙනව... මටත් ඔය බය ඔය විදියටම දැනෙනව.. ඒත් මොනව කරන්නද ?? මේකත් බලන්න.. මේ මගෙ දුක
ළග තියෙන ඉලක්කය ගැන හිතන්න මල්ලී..එක පාරට අපිට ලොකු මිනිස්සු වුනේ නෑ නේ.. පියවරින් පියවර ජිවිතේ හොයා ගෙන යමු.ඔය සිතුවිලි උසස් පෙළ කරන කාළේ මටත් තිබුණා.මේ අවධියේ තමයි අපි සමාජයට තදින්ම විව් වෙන්නේ.. ඒ සමාජය නම් හරිම විෂමයි.පාසැල් කාලේවගේ නෙවයි..අපිට කැම්පස් යන්න නොලැබුනොත් ප්රශ්නයක්..? කොහොමද ජොබ් එකක් හොයා ගන්නේ.. හොදයි කැම්පස් ගියපු එකෙක් ගෙන් අහන්න.. එයා කියයි"මේකෙන් එළියට ඇවිල්ලා මොකද කරන්නේ කියලා හිතාගන්න බෑ කියලා"එකයි ඇත්ත තත්වය(මේක ලංකාව නිසා:D)පාසැල් කාලය තරම් සොදුරු කාළයක් ආයෙත් ලැබෙන්නේ නෑ.එච්චර නිදහසක් ලැබෙන්නේ නෑ..එහෙම කියලා ජිවිතය දාලා යන්න බෑ නේ. අපි වපුරපු දෙයක් තමයි අපිට අස්වැන්නක් ලෙස ලැබෙන්නේ.. ඒ දේ හොදට මතක තියා ගන්න.. ඔයා ලබා ගන්න කැමති දෙයක් තියනව නම්.. එකට මහන්සි වෙන්න..(උසස් පෙළ හොදින් කර ගන්න ඔයාට සුභ පැතුම්)
Post a Comment
ලැබිම් වලට වඩා නොලැබි බොහොමයි එම නිසා comment එකක් නොලැබුනා කියා අමනාපයක් තුන් හිතකවත් නොමැත....