Sunday, August 14, 2011

ගු ඇදිම රස්සාවක් කරගත් මිනිසුන්.....


උතුරනවාට කවු‍රැත් කැමතිය නමුත් මේ  ඉතිරිල්ලට කවු‍රැත් කැමතියන්නේ නැත..මොකද මේ ඉතිරිල්ල නිසා ඇතිවන වාසියක් නැත.ඇතිවන්නේ දුඟද හා අප්පිරියාව පමණි..නමුත් මේ ඉතිරිල්ලෙන් සතුටක් ලබන අය පවා සිටිති මේ ඉතිරිල්ල නිසා ඔවුන්ගේ ද‍රැපවුල් ‍රැකෙන්නේ හා එදා වේල හරි කරගන්නේ මේ ඉතිරිල්ලේන් වාසි ලබන්නොය....ඔවුන් මැස්සන් බව ඔබ සිතනවා වන්නට පුලුවන නැ ඔවුන් මිනිසුන්න හැගිම් දැනිම් ඇති සැබැ මිනිසුන්ය සමාජ සේවකයන්ය අපගේ ජාතික පනය වන ගල් මොත්ලයක් හා ‍රැපියල් 4000/= අතේ තැබුවිට ඔවුන්ට කල නොහැකි දෙයක් නැත.එ තරමට ඔවුන් මේ රස්සවේ ප්‍රවිනයොය..‍රැපියල් 4000 නොව ලක්ශයක් දුන්නත් මම නම්  ජිවිතයට ලැට් වලකට බහින්නේ නෑත.නමුත් ඔවුන්ට ගූ නාන එක කජු කනවා වැනිය..පලාතම ගඳය එ ගඳ පිටවන තැනම එක් අයෙක් බල්දියකුත් අතැතිව ඊලග ගූ බල්දිය පිරි එනතු‍රැ මග බලා සිටි....මෙය මට හිනයකි මම ජිවිතයේ පලමු වරට දු‍ටු ඊහා අප්‍රසන්න ජනකම සිදුවිමකි...ගල් බොතලයම කට තියා ගසා සිගටට් එක වලේ සිටම පානය කරයි මට වමනේ යන්නත් එයි.......මේ අපේ ගමේ ඩයල් එකකි මම ඔහුට ජොන් කියන්නම්...ඔහු තැන්පත් පුද්ගලයෙකි ලැට් වලට බැසිම හා ගල් ගැසිම විනා ඔහු වෙන කිසිම ආකාරයක වැරදිවැඩක් කරනු මම දැක නැත...ඔහුට ද‍රැවන් දෙදෙනෙකු සිටි නමුත් ඔහුගේ මේ රස්සාව ඔවුන්ට ගැටලුවක් වි නැත.අවන්කවම මගේ තාත්තා මෙවැනි රස්සාවක් කරනවාට මම කැමති නැත ඔබත් එසේ සිතනවා විය හැක නමුත් ඔහු කරන්නේද රස්සාවකි හොරකම් මැරකම් කරනවට වඩා මේ රස්සාව ඔහුට නම්බුවක් විය හැක.


පෙරේතෙයෙකුට රස කෑමක් ලැමුනහම් කනකන් ඉවසිල්ලක් නෑ වගේ මේක දැකල නොලිය ඉන්න බැරි නිසාමයි ලියලා දැම්මේ  මේ මට  ගැන තව ලියන්න ඕන නමුත් විභාගය නිසා එය කිරිමට වෙලාවක් වෙන් කර ගැනිමට ඇති නොහැකියාවට සමාවන්න විභගය ඉවර වෙනකන්මෙක නොලිය ඉන්න බැරිකමට ලියල දැම්මේ..........

Thursday, August 11, 2011

මේක පුoචි පහේ ප්‍රශ්ණ ටිකක් බලන්න උත්තර දෙන්න පුලුවන්ද කියලා..

  
01) ගල් කිලො එකක් හා පුලුන් කිලො එක බැගින් තරාදියකට දැම්මොත් බර වැඩි කුමන පැත්තද..........
 
02) පෙනේ නම් මොකාද ? නොපෙනේ නම් මොකාද ?

 03) අත්තක කුරැල්ලන් 10 සිටි දඩයක් කරැවෙක් වැඩි තබා දෙදෙනෙක් දඩයම් කරේ නම් ඉතිරි කුරැල්ලන් ගනන කියද?
 
04) අපේ අම්මා පාන්දර 4.00 නැගිටිනවා...
4.30,ට හාල් ලිපේ තියනවා...
4.45ට පරිප්පු හදන්න පටන්ගන්නවා
5.00 පරිප්පු එකට දාන්න පොල් බිදිනවා
පොල් ගෙඩිය බිදුනේ කියටද ?.......
05) අපේ ශරිරයේ අපිට කැමති විදිහට හැදිය හැකි.....පාට කරහැකි....නැතිකර දැමිය හැකි....අoගය කුමක්ද ?
 
බලන්න උත්තර දෙන්න පුලුවන්ද කියලා.........

Wednesday, August 10, 2011

ආදරය නම් සුන්දරය.........

ආදරය නම් සුන්දරය.........
එ සුන්දරවු අදරය........
සෑම විටම විරහවක් වේද..

ඇය ලස්සනයි
මම මගේ ජිවිත කාලයටම දැකපු ලස්සනම කෙල්ල..
එක මොතක මට හිතුනා.........
එ ඇස් දෙක වෙනුවෙන් මගේ ජිවිතය වුනත් පුදන්න ...
මම ආදරය කලා
ඇත්තටම මම ආදරය කලා....
මෙතුවක් කාලයකට ඇති නොවුනු හැකිමකින් මාව කුල්මත් වෙලා....
එත්.....එ ආදරය මට මාව නැති කලා
මම හිනයක් දැක්කා
ලස්සන සුරන්ගනාවියක් මාව සනසන හැටි

මම සතුටු වුනා..
ඇත්තටම මම එ මොහොතේ ජිවිත කාලයටම වඩා  මම ජිවත් වුනා
එත් එ හිනය බොද වෙලා හුගක් කල්...
දැනුත් මම ජිවත් වෙනවා
මියගිය හදවතක් එක්ක........

වටහා  ගන්න බෑ....
අනේ දෙවියනි කියන්න මට...
මෙය මගේ උරැමයද කරැමයද..............

බ්ලොග් අවකාශයේ අලුත් බ්ලොග් කරැවන් තනිවි ඇත් ද ?

බ්ලොග් අවකාශයේ අලුත් බ්ලොග් කරැවන් තනිවි ඇති බව මට හැගෙන්නේ මමත් නවක බ්ලොග් කරැවෙකු නිසා දැයි මට නොවැටහේ..මක් නිසාද යත් ඔවුන් හට යතුරැ පුවරැවවත් හරියට හුරුපුරැදු නැතුවා නිසැකය......පොඩි කාලේ අපි කරන්නා වු වැඩකට ලොකු අය මොකක් හො යමක් කියනවට අපි හරිම කැමතිය..අපි තවම බ්ලොග් අවකාශයට අත දරැවන්ය අපගේ හරි වැරදි පෙන් විම පැරණි බ්ලොග් ලියන අපේම සහොදර සහොදරියන්ට වදයක් දොයි මට හැගේ...

"අපි දැන් බ්ලොග් ලියනවා" අපි හරිම උජාරැවට හැම තැනම අපේ යාලුවන් සමඟ කියවන්නේය එත් බ්ලොග් අවකාශයේ අපේ තත්වය ඔවුන් දැනගත් කල අපිට යන්න වෙන්නේ ඇදුම් නැතිවය.....අපේ ලිපි පැසසුම් ලබන්නට නුසුදුසු වන්නට පුලුවන....එත් අනේ අපිට බැනල හරි යනව නම් අපි හරිම කැමතිය....ඇත්තටම මම නම් මෙතනින් ගොඩක් දේවල් ඉගෙන ගත්තාය ගොඩක් යාලුවන්ව අදුන ගත්තා එත් මට දැන් හිතෙනේ මේ ලියන එක නවත්තලා එ ඉගෙන ගන්න වැඩේ දිගටම කලා නම් හොදයි කියාය

Wednesday, August 3, 2011

ඊයා… වල් කෙල්ලෝ…. part 2

විභාගයට තව දවස් 03යි දැන්නම් අවුලක් නෑ හිතේ පොඩි අප් එකක් තියනවා එක නිසයි මෙක ලියන්න හිතුනේ මේක අපේ  ගෝල්ඩ් fish අයියට වුන වගෙ සින් එකක්..ආ එක බැලුවේ නැද්ද..? මෙතනින් ගිහින් බලන්න...හරිය....බැක්ටු ස්ටොරි.....කොම හරි මම පoති ගිහින් නැවත නිවස බලා පැමිණිමට කොල්ලුපිටියෙන් මතුගම බසයකට නැගුනෙම්.....ඔය බස්වල එන අය බස් එකේ තරම හොදට දන්නවා එ නිසා සීට් එකක් තියනවද කියල බලල නගින අයත් මම දැකල තියනවා.........කොහොම හරි දැනුයි සින් එකට එන්ටර් වුනේ..අප්පා මතක් වෙනකොටත් කෙලින් වේනවා...නෑ යකුනේ මයිල් මයිල් නැතුව අහවල් එක නෙමෙයි.......
කොල්ලුපිටියෙන් බම්බලපිටියට ආපු බස් එකට කොල්ලෙක් නැග්ගා එවෙනකොටත් බස් එක ෆුල් ලොඩ් කොහොම හරි මම හිටපු තැනට සැට් වුනු කොල්ලා මෙන්න බොලේ උගේ බෑග් එක මට දිපි අයියේ මෙක පොඩ්ඩ්ක් තියා ගනින් කියලා....ගොඩක් ලොකු බෑග් එකකුත් නෙමෙයි.....මමත් ඉතින් උට පොල්ලෙන් ගහන්න වගේ ..
"අනේ මල්ලි මේ ඔන්න ඔක දාපන්කො ඔය හුඩ් රැක් එකද මොකද්ද කියන එක උඩට".. කියලා බොහොම ආදරයෙන් එ බෑහ් එක උඩට විසිකරා...දැන් බස් එක දෙහිවලට ඇවිල්ලා...දෙහිවලින් අර ලිමිට් නැති කඩේන් ගත්ත මොනාද බෑග්  වගයක් එල්ල ගත්තු කෙල්ලො තුන්දෙනෙකුත් නැගල මගෙ ගාවටම ආපි.......උන් තුන්දෙනාටත් යන්න තැනක් නොතිබුනාද මන්දා.....හැබැයි මට මතක හැටියට කොල්ලො කියල කියන්න පුලුවන් දෙන්නෙක් හො තුන්දෙනෙක් තමයි හිටියේ එයින් එකෙකුත් මගේ එහා පැත්තේ වාඩි වෙලා.....ඉති මැරත් හෙන හැන්ඩ් සමයන් කොල්ලනේ,උත්තුoග දෙහදාරි මහා කලු සිoහලයා වගේ මමත් ඉන්නවා කොහොමද කිවුවොත් පැරිසිට්යේ අයිපල් කුලුන වාගේ.......හික්.....ආ..මව පැත්තෙන් ඇන්ජලො මැතිවුස් වගෙත් පෙනවලු...හොව් හොවු මම නෙමෙයි කියන්නේ දැකපු ඈයො....අ බොරැ නම් බලාපල්ල......







අප්පට සිරි මැරාගේ පොටො එකකුත් දලා හා හා කතාවෙන් පිට ගියා නෙද ? අයෙත් කතාවට..........

මගේ ගාවට ආපු මේ එක කෙල්ලෙක් "අනේ අයියේ මේ බැක් එක පොඩ්ඩක් ගන්නවද"කියලා බැග් එක මට දිපි මට කර කියාගන්න දෙයක් නෑ එකපාරක් අර කොල්ලා දිපු බෑග් එක නොගත්තු මට මේ කෙල්ලෙක්ගේ බැක් එකක් ගන්නේ කොහොමෙයි බොලවු...එ මදිවට තඩි බැග් එකක් එක ගත්තහම මුණ ඉස්සරහින් රෙද්දක් දැම්මා වගේ මෙලො දානයක් පෙන්නේ නෑ....ගන්නත් බෑ නොගෙනත් බෑ..මොකද සින් එකට කලින් මම හිතුවේ මේ අතේ තියාගන්න බැරි කමට දෙනව කියලා...කොහොම හරි අර කොල්ලත් මට දැන් කින්ඩි හිනා පානවා......දැන් මට පොලො පාලාගෙන යන්න තරම් හිතයි එත් මොනව කරන්නද ? ටිකදුරක් ගියා.....
අනේ පවු එයාට දැන් කෙලින් යන්නත් බෑ වගේ මොකද එය මගේ කරට නැගලා.....මටත් කර කියා ගන්න දෙයක් නෑ මොකද අර ගෑණු දරුවන්ගේ අවයවයක් තියෙන්නේ "ත" නෙන් පටන් ගන්න අන්න එක මගේ කටේ කටේ කිවුවට කටේම නෙමෙයි කනේ ඔලුව හැරෙවුවනම් හවු ගාලා හපන්න තිමුනා.........( මෙහෙම කියනවාට කට්ටිය මන් ගැන වැරදියට හිතන්න එපා මෙක මට වුන දෙවල් වලින් එකක් විතරයි හොදේ ) එ වුනාට හිතට එකගව කියනව නම් එක සොක් කොට්ටේ කොහොමහරි තව ටික දුරක් එනකොට මෙන්න බොලේ එ කෙල්ලගේ පොන් එක රින්ග් වෙනවා...ආසවේ බෑ මොකද් කිවුවොත් දැන් මගේ කර උඩටම නැගලා මොකද පොන් එකේ වයිට් බේට් ට්ක මගේ උරහිසට දැනේනවා...ඔය වයිට් බ්‍රේට් සින් එක නිසා අපේ සඳරැ කොලුවත් ගහෙන් වැටුනා නොවැ..ඉතින් මට කවර කතාද ?...සොයි නෙද මට මුකුත් කියන්නත් බෑ කෙල්ලෙක් නිසා අපිට වගේ නෙමෙයි නොන්ඩියනේ මොනදෙ වුනත් මමත් ගැණු කට්ටියට ගරුකරනවා එත් මේ වගේ කට්ටිය නිසා එකටත් කෙල වෙනවා......කොහොම හරි මේ කෙල්ල පොන් එක ගන්න දගලල දගලල බැරි තැන මට කියනවා "අනේ අයියේ තරහ නැතිව ඉස්සරහ සාක්කුවෙන් මට පොන් එක අරගෙන දෙන්න"හුටා මොකාටද මෙයා මෙ එන්න හදන්නේ...අනේ කොල්ලනේ පරිස්සම් වෙයවු කොහොමද සක්කුවට අත දානකම් ඉදලා කෑ ගැහුවනම් අපිට තියන ආතල් එක....එත කොට බස් එක පානදුරේ පාලම උඩ....."අනේ නගි මම පානදුරෙන් බහිනවා" කියලා ටක් ගාලා සිට් එක දිලා නැගිට්ටා නැත්තම් සාක්කුවට අත දාන්න වෙනවනේ.........මාර සින් තමයි අපිටත් වෙන්නේ එ කෙල්ල අපේ ගෝල්ඩ් fish ගේ පැත්තේ මොකද ටිකට් ගත්තේ එහෙට......කොහොම හරි මැරා වැඩර් නිසා ශේප් වෙලා ආවා නැත්තම් කොහොමද ආතල් එක....................

Monday, August 1, 2011

මේක පුoචි ආදර කතාවක්.....

 

ගෑණු ළමයා :- මම ලස්සනද ?
පිරිමි ළමයා :- නැහැ
ගෑණු ළමයා :- ඔයා හැම දාටම මාත් එක්ක ඉන්න ඕනද ?
පිරිමි ළමයා :- නැහැ
ගෑණු ළමයා :- මම ඔයාගේ වෙන් වුනොත් ඔයා අඬනවද ?
පිරිමි ළමයා :- නැහැ
 

මේක අහපු ගෑණු ළමයට ගොඩක් දුක හිතුන...එයා අඩන්න අරගෙන හැරිල දුවන්න හැදුවා....එතකොට ගෑණු ළමයා ගේ අතින් අල්ලගත්තු පිරිමි ළමයා මේහෙම කියනවා............
 

ඔයා ලස්සන නෑ ඔයා දේවගනක්.......
මට ඔයා එක්ක හැමදාටම් ඉන්න ඕන නෑ..මට ඔයාව සසර පුරාවටම ඕන
ඔයා මගෙන් වෙන් වුනොත් මම අඩන්නේ නෑ මම මැරෙනවා
 

කරැණාකරලා මත් එක්ක සසර පුරාවටම දෙවගනක් වෙලා ලගින්ම ඉන්න මොකද මම ඔයාට ආදරෙයි.............

විභාගයට තවදවස් 06 යි.දැන් දැන් මගේ හිතට මහා බරක් දැනෙන්න පටන් අරගෙන

විභාගයට තවදවස් 06 යි.දැන් දැන් මගේ හිතට මහා බරක් දැනෙන්න පටන් අරගෙන එක කවදාවත් නොහැගුනු අමුතුම සිතුවිල්ලක්...විභාගයෙන් පස්සේ මොකද්ද කරන්නේ, මම හිතන්නේ නෑ මට කැම්පස් යන්න පුලුවන් කියල මොකද මම මහා බුද්ධිමතෙක් නොවන නිසා....මම සමහර විට පාස් වෙයි සමහර විට ෆේල් වෙයි එත් මට එක නෙවෙයි තියන ප්‍රශ්ණය මම ඊට පස්සේ කරන්නේ මොකක්ද ? මට රස්සාවක් කරන්න පුලුවන් වෙයිද ? රස්සාව කියන වචනයත් මට මහ අමුත්තක් ඇතිකරන දෙයක් මීට කලින් මම කිසිම රස්සාවක් කරලනෑ,මට හිතාගන්න බෑ මම කරන්න ඔන දෙය මොකක්ද කියලා,මොකද දැන් මට හිතෙනවා මම හැමදාටම පොඩි දරැවෙක් වෙලා හිටියානම් හොදයි කියලා.....
මට ඉස්සරහට ඉටුකරන්න ගොඩක් වගකිම් තියන බව දැන් මට නිකමට වගේ හිතෙනවා.මොකද හැම දාම ගෙදරින් කන්න බෑ ...තව ටික කාලෙකින් ගෙදරට කන්න හොයාගෙන එන්න වෙන්නේ මට මොකද මම තමයි පවුලේ එකම වැඩිමල් පිරිමි ළමයා...මේ ඔක්කොම දෙවල් ඩබල් වෙනවා නoගි ගැන හිතනකොට එයත් දැන් ටික ටික දැනුම් තේරැම් තියන වයසට එනවා..මේ ඔක්කොම මාව අවුල් කරනවා.....මට දැන් හිතෙනවා මම කොල්ලෙක් නොවේ කෙල්ලෙක් වුනානම් හොදයි කියලා මොකද මාව බදින එකා මට කන්න ගෙනත් දෙනවා අඩුපාඩු බලනවා එත් දැන් මොකද මේ වෙලා තියන ගිණි විජ්ජුම්බරය ,සේරම ප්‍රශ්ණ මාව කනවා හිතා ගන්න බෑ මොකද කරන්නේ කියලා.
බැරි වෙලාවත් මම පෙල් වුනොත් හැම දෙනෙක්ගෙම රැවුම් ගෙරවු මැද පැදුරටත් නොකියා යන්න තමයි වෙන්නෙ...එහෙම උනොත් කිසිම දෙයක් ඉතිරි වෙන්නෙ නෑ මට මාව ඇරෙන්න..පොඩි කාලේ අපි කොච්චර හින මවනවද ..මම කවද හරි ඉන්ජිනේරැවෙක් වෙනවා ...මම කවද හරි දොස්තර කෙනක් වෙනවා....පුහ් රෙද්ද තමයි මට එහෙම කියන පොඩි උන්ට ටොක්කක් අනින හිතෙනව...මොකද කවුද දන්නේ දොස්තර කෙනේක් තියා කොන්දොස්තර කෙනෙක් වත් වෙන්න පුලුවන් වේවිද කියලා.....මොකද හින අපිව ජිවත් කරනවා..එවගෙම හිනයකට පුලුවන් අපිව පිස්සු වට්ටන්න....මොකද මට දැන් හිතෙනවා මගේ සෙරම හින කුඩුවෙලා යයිද කියලා....
මට ජිවිතය ගැන මාර බයක් දැනෙනවා..මම හැම පැත්තෙන්ම හිරවෙලා කියලා හැගෙනවා..ඉස්සරහට මොකක් වෙයිද කියලා හිතෙනවා......මොකද කව්දාවත් මම සැබෑ ජිවිතයට මුහුණ නොදිපු නිසා මට හැම දාම වෙලාවට කන්න ලැබුනා බොන්න අදින්න මේ සේරම මගේ දෙපා ලග තිබුනා නමුත් මම කවදාවත් කල්පනා කරේ නෑ මේවා මට ලැබුන හැටි..මොකද අඩුවක් පාඩුවක් නොවුනු නිසා එත් එ ගැන කල්පනා කරන්න දැන් කාලය ඇවිත්..ඉස්සර වගේ පිස්සු කෙලින්න බැරි වේයි,පස්ස පැත්තට ඉර එලිය වැටෙනකම් නිදාගන්න බැරිවෙයි...එත් කමක් නෑ කොහොම හරි ජිවිතයට මුහුන දෙන්න ඉගෙන ගන්නවා..ගෙදරටත් මේ මහා පොලොවටත් බරක් නොවි ජිවත් වෙන්න දැන් ඉදන් හිතා ගන්නවා..මේ ගැන මට කාත් එක්කවත් කතාකරන්න බැරිනිසා ඔන්න ලියලා දැම්මා..මෙතන ඉන්න අය ගොඩක් අයියල අක්කලා...ජිවිතය ගැන ගොඩක් දෙවල් දන්න කියන අය ඔය කට්ටියගේ අදහස් මට ගොඩක් වටිනවා.............